Thursday, September 9, 2010

මගේ සඳ ඔබ............

නුඹ සඳවත
මා මිදුලත
විල් දිය මත
සින සලත

සඳ ලබනට
ලොබ වූ සිත
දැමී සුරත
විල් දිය මත

දිය බොර වෙත
දිය කැලඹෙත
බොර දිය මත
නැත සඳවත